දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන අද වැඩ වර්ජනයක නිරත වනවා.
අද උදෑසන 8 සිට 12 දක්වා පැය 4ක් සේවාවෙන් ඉවත් වීමේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය වෘත්තීය සමිති 72කට අයත් සාමාජිකයන් සම්බන්ධ වන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් වශයෙන් ආරම්භ කළ වැඩ වර්ජනයේ 5 වන දිනය අද වන අතර එම වර්ජන ක්‍රියාමාර්ගය දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන තුළ සිදුකෙරෙනු ඇති.
මේ හේතුවෙන් සියලුම රසායනාගාර පරීක්ෂණ සේවා, විකිරණ පරීක්ෂණ, ක්‍ඔල ඵඍෂ පරීක්ෂණ සේවා, ඖෂධ නිකුත් කිරීම සහ ඖෂධ බෙදා හැරීම, එන්නත් කිරීමේ සායන ඇතුළු සියලු සේවා අඩාල වීම සිදුවනවා.
නමුත් මෙම කාලය තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ආවරණය කිරීම ස්වේච්ඡාවෙන් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
මෙම වර්ජන ක්‍රියාමාර්ගයට ඉදිරියේදී ඌව පළාත සහ බස්නාහිර පළාත සම්බන්ධ වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව 22 වෙනිදායින් පසුව දිවයින පුරා සියලු රෝහල් වර්ජනයට සම්බන්ධ කරගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු චානක ධර්මවික්‍රම එම නිවේදනයේ වැඩිදුරටත් පවසනවා.

 

WhatsApp Group

Skip to content