සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය හකුලා නොගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේනවා.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ එහිදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කරන බවයි.

මෙම චක්‍රලේකය හකුළා ගන්නා ලෙස පවසමින් පසුගිය දා සංදේශයක්ද භාර දුන්නා .

ජනමාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව පනවා ඇති විධි විධාන කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යාංශයේ සියලු නිලධාරින් වෙත චක්‍රලේඛයක් නිකුත් කලා.

WhatsApp Group

Skip to content