ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදි පළමුවෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල නිරීක්ෂණයට ලක් කරන ලද අතර එම රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, හදිසි අනතුරු ඒකකය, සි.ටී ස්කෑන් අංශය, රක්තවේද සායනය, රසායනාගාරය, විකලාංග ශල්‍ය වෛද්‍ය ඒකකය, හෘද රෝග ප්‍රතිකාර අංශය ඇතුළු ඒකක නිරීක්ෂණය කරන ලදී.

රෝහල නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් කාර්යමණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡාවක ද ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම නිරත විය. එහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 70ක මුදල් ප්‍රතිපාදන ද, රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා රුපියල් මිලියන 75ක මුදල් ප්‍රතිපාදන සහ වෛද්‍ය නිල නිවාස අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 50ක මුදල් ප්‍රතිපාදන ද ලබාදීමට සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදි නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. රෝහලට අවශ්‍ය හිඟ කාර්යමණ්ඩලය පියවීම සඳහා ඉදිරියේදි සෞඛ්‍ය සේවාවට බඳවා ගන්නා කාර්යමණ්ඩලවලින් යම්කිසි ප්‍රමාණයක් රෝහලට අනුයුක්ත කිරීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදුන්නේය.

WhatsApp Group

Skip to content