මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් එයට කඩිනම් විසදුම් ලබාදීම සහ රෝහල් තුලින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය අධ්‍යයනය කරමින්  මෙරට ජනතාවට  ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අදහසකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (25) කළුතර හල්තොට ප්‍රාදේශීය රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී  හල්තොට ප්‍රාදේශීය රෝහලේ  ක්‍රියාත්මක දියවැඩියාව සහ අධිරුධිර පීඩනය මුලික කළමණාකරණ වැඩසටහනේ  (Protocall Base Management of Diabetic and Hypertension) ප්‍රගතිය විමසා බැලීමට ද කටයුතු කරන ලදි.

WhatsApp Group

Skip to content