සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සොයා කඩිනමින් විසදුම් ලබා දෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.

ඒ සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙසයි සාගල රත්නායක මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

රටේ සියලු ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවය කිසිදු කප්පාදුවකින් තොරව ලබා දීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අභිලාශය බවයි සාගල රත්නායක මහතා සදහන් කළේ.

ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුf පැවැති සාකච්ඡාවකට එක්වෙමින් සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content