වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණු ඇතුළත් කරමින් සමගි ජන බලවේගය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද හතළිහකින් පරාජයට පත්විය.

ඒ ඊට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පැවැති අවස්ථාවේදීයි.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 113ක් ලැබුණි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පරාජයට පත්විය.

WhatsApp Group

Skip to content