තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා .

 

ඉන් ඉල්ලා ඇත්තේ, තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි .

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා යන මත්වරුන් විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා .

 

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල  මහතාට එරෙහිව  විපක්ෂය  විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව මෙම මස 6,7,8 යන  දිනවල ගෙන ඒමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා .

 

ඊට  අදාළ චන්ද  විමසුම 8වෙනි දින  සිදු කිරීමට නියමිතයි .

 

 

WhatsApp Group

Skip to content