සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද අවසර ලබා දී තිබෙනවා.

මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කටයුතු සඳහා සිය සේවාදායකයා විදේශගත වන බව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබුනා.

නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී ඇත්තේ,අමාත්‍යවරයාට ඒ සඳහා අවසර හිමි නොවන්නේ නම් රටට අවශ්‍ය ඖෂධ ලබාදීමේ බලවත් ගැටලු පවතින බවයි.

එම කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබන 21 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා විදෙස් ගත වීමට අද අවසර ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content