සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් එම යෝජනාවට අත්සන් කර තිබුණා.

සෞඛ්‍ය අමාත්‍යවරයා සිය මූලික යුතුකම් පැහැර හැර ඇති හෙයින් ඔහුගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ඔහුට තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසයක් නොමැති බවට පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවත් එම මන්ත්‍රීවරු අදාළ විශ්වාසභංග යෝජනාවෙන් පෙන්වා දී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content