රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව එස් ජනක චන්ද්‍රගුප්ත මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආයතන සංග්‍රහයේ ඇති වගන්ති කිහිපයක් උපුටා දක්වමිනුයි අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නොමැති බවයි එමගින් පෙන්වා දෙන්නේ.

එම විධිවිධාන නොසලකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content