ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ලබා දෙන අරමුදල් සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම ආධාර සොරකම් කිරීමක් වාර්තා වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

යුරෝපා සංගමය විසින් පසුගිය වසරේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ඩොලර් මිලියන 7ට වැඩි ආධාර ලබා දීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content