පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට පවසමින් දෙමාපියන්ගෙන් මුදල් වංචා කිරීමේ හා නිවාස බිඳ සොරකම් කිරීමේ කල්ලියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ වන විට කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ ව්‍යාජ දුරකථන ඇමැතුම්වලට නොරැවටී තමන්ගේ දරුවන් ගැන පාසලෙන් විමසිම් කර සත්‍ය තහවුරු කර ගන්නා ලෙසයි.

WhatsApp Group

Skip to content