කළුතර නෑබඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැවිලි සමාගමකට අයත් රාජ්‍ය වතුයායක සේවය නොකරන සේවකයෙකුගේ නමට මාස ගණනක් තිස්සේ රුපියල් හය ලක්ෂයකට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවූ ලිපිකරුවෙකු අත්අඩංගුවට ගත් බව වරකාගොඩ පොලීසිය පවසයිග

මෙම වතුයායේ කාර්ය මණ්ඩලය සඳහා 2024 ජූලි මාසයේ වැටුප් ගෙවීමේදී වැඩිපුර මුදලක් වැයවී තිබීම පිළිබඳව වතු සමාගමේ ගිණුම් අංශය මගින් කරන ලද පරීක්ෂණයකදී මෙලෙස සේවයේ නොමැති අයෙකුගේ නමට 2023 වසරේ නොවැම්බර් මාසයේ සිට 2024 ජූලි මාසය දක්වා මාස 10ක් වැටුප් ගෙවා ඇති බව අනාවරණය වී තිබේග

වතුයායේ කළමනාකාරවරයෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකිග

WhatsApp Group

Skip to content