බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ පෙරවරු 6 සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමටයි බන්ධනාගාර නිලධාරින්ගේ එකමුතුව කටයුතු කරනු ලැබුවේ.

ඒ අනුව එලෙස සේවයට වාර්තා නොකළ නියාමකවරුන් සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content