වැඩවර්ජනයේ නිරත දුම්රිය රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසට අද දිනයේ දැනුම්දීමක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .

එම දැනුම් දීම නොතකා සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

උසස් වීම් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර ඊයේ රාත්‍රී දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලා .

කෙසේ වෙතත් දුම්රිය රියදුරන්ගේ සංගමය මේ වන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර නැහැ .මෙම තත්ත්වය තුළ අද දිනයේ දුම්රිය ගමන් වාර 150ක් පමණ අවලංගු වීමේ අවධානම පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .

WhatsApp Group

Skip to content