සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට හිමිවන ප්‍රතිලාභ සදහා ඉදිරියේදී කිසිදු හානියක් සිදුනොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

සේවක අර්ථ සාධක අරමුදල මගින් දැනට හිමිවන සියයට 09ක ප්‍රතිලාභයට ඉදිරියටත් එහි සාමාජිකයින්ට හිමිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

බදු පැනවීමක් සිදුකරනු ලබන්නේ අරමුදල සතු මුදල් ආයෝජනය කිරීමෙන් ලබන ලාභයට සියයට 14ක ප්‍රතිශතයක් ලෙස බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content