කොළඹ ග්‍රෑක්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේදී ඊයේ සවස සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී නාදුනන පුද්ගලයෙකු පැමිණ වෙඩි තබා දිවගොස් තවත් පුද්ගලයෙකු විසින් පදවාගෙන පැමිණි යතුරුපැදියකින් පලාගොස් ඇති බව පොලීසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා 48 හැවිරිදි වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්දිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content