පළමු වන දකුණු ආසියානු සෙස්ටබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ශූරතාවයත් ල පිරිමි කණ්ඩායම අනුශූරතාවයත් දිනා ගෙන 06රැ12 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ

මෙම තරගාවලිය ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ චික්කබල්ලපූර් නගරයේ දී ඉකුත් 06රැ07 දින සිට 06රැ09 දින දක්වා පවත්වා තිබුණි

සෙස්ටබෝල් ක්‍රීඩාව පැසිපන්දු :ඊ්ිනැඑඉ්කක * සහ දැල්පන්දු : භැඑඉ්කක * ක්‍රීඩා වල ලක්ෂණ එකිනෙකට සම්මිශ්‍රණය කර අලුතෙන් හදුන්වා දී ඇති ක්‍රීඩාවක් වන අතර එය යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ ‍රටවල ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර ආසියානු කළාපයේ රටවලට මෙම ක්‍රීඩාව අලුතෙන් හදුන්වා දීමට මේ වනවිට පියවර ගනිමින් සිටිති

ශ්‍රී ලංකාවේ දැල්පන්දු සහ පැසිපන්දු ක්‍රීඩා කරන අනුරාධපුර ල පොළොන්නරුව ල කෑගල්ල ල රත්නපුර ල මාතර සහ විශ්ව විද්‍යාල වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් රැස් කර ඔවුන් අතරින් ශ්‍රී ලංකා සෙස්ටබෝල් පිරිමි සහ කාන්තා කණ්ඩායම් සදහා අවශ්‍ය 12 දෙනා බැගින් වූ කණ්ඩායම් තෝරා ගෙන තිබුණි

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසාන මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරදවා රන් පදක්කම සමගින් ශූරතාවයත් ල ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉන්දියාව සමග පැවති අවසාන මහා තරගාවලියේ දී අනුශූරතාවයත් දිනා ගැනීමට සමත් වී තිබුණි

මෙහිදී මම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය මාතර සුජාතා විද්‍යාලයේ උත්තමා ජයතිස්ස ක්‍රීඩිකාව විසින් දිනා ගැනීමට සමත් වී සිටියාය

WhatsApp Group

Skip to content