මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෙල්ල කතරගම පූජා භූමිය ජලයෙන් යට වී තිබෙනවා.

ඒ හේතුවෙන් පැමිණෙන වන්දනාකරුවන්ට විමසිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර කලා වැව, රාජාංගණය ඇතු`ඵ දිවයිනේ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ හේතුවෙන් එම ජලාශ අවට වෙසෙන ජනතාව අවදානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර නායයාමක් හේතුවෙන් බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය, හැලිඇල – උඩුවර හතේ කණුව ප්‍රදේශයෙන් තවදුරටත් අවහිර වී තිබෙනවා.

එමෙන්ම මහවැලි ගඟේ ජලමට්ටම ඉහළ යාමත් සමග පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ, මනම්පිටිය – ගල්ලෑල්ල අතර කොටස නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ජනතාවගේ ගමන් පහසුව සදහා විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක බවයි.

 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ අදත් පළාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බවයි.

WhatsApp Group

Skip to content