ගාල්ල, හෝලුවාගොඩ ඉදිකල “සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය හෙට (13) සවස 5.00 ට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය .

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පීය අදහසක් අනූව ගාල්ල නගරයට නුදුරු හෝලුවාගොඩ ඉදිකල “සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය, පුරන් වූ කෙත් බිමක් පාරිසරික උද්‍යානයක් බවට පරිවර්තනය  කිරීම 2021 වර්ෂයේදී ආරම්භ කෙරිණි.

අක්කර 14 කින් යුත් “සෙරින් රිවර් පාර්ක්” තුල  ළමුන්ට සුව පහසු ක්‍රීඩා කිරීමේ අංගන, ශරීර සුවතා මංතීරු , ජල ක්‍රීඩා සමග බෝටටු සවාරි , දෙස් විදෙස් සන්නාමයන්ගෙන් යුතු ආහාර වර්ග අඩංගු පරිශ්‍ර , කුලුබඩු සහ වැවිලි නිෂ්පාදන වර්ග ඇතුලු දේශීය නිමැවුම්  මිලදී ගත හැකි පරිශ්‍ර , ATM බැංකු පහසුකම් ආදී බොහෝ පහසුකම් වලින් සමන්විත වේ .

ඉදිරියේදී සංචාරක කර්මාන්තය මුල්කොට ගෙන  සෙරින් රිවර් පාර්ක් සිට වක්වැල්ල , වටරුක හා ගාල්ල දක්වා සංචාරක බෝට්ටු ප්‍රවාහන සේවයක්ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

හෝලුවාගොඩ, ඔපාත ආදී ප්‍රදේශ වලට දශක ගනනාවක සිට පවතින ගංවතුර තර්ජනය පාලනය වීමත් මෙම  පාරිසරික උද්‍යානය ඉදිවීම හරහා සිදු වේ.

WhatsApp Group

Skip to content