සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා .

එය නැරඹීමට ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය සහ ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය අද දින රාත්‍රියේ සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කර තැබීමට නියමිතයි.

රාත්‍රී 11.00 සිට මහජනතාව සඳහා එම පරිශ්‍රය විවෘත්ත වන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කලේ.
මෙය හෙට අලුයම 12.50 ට ආරම්භ වී අලුයම 02.10 වන තෙක් දර්ශනය වනු ඇති .

WhatsApp Group

Skip to content