සෙඕලා” සුළි කුණාටුවෙන් චීනයේ දකුණු දිග ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ වන විට සුළි කුණාටුව, එරට දකුණු දිග ” ග්වංඩොං” පළාතට ඇතුළු වී ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

සෙඕලා” සුළි කුණාටුව හේතුවෙන් චීනයේ දකුණු දිග වෙරළබඩ ප්‍රදේශ මිලියන සංඛ්‍යාත පිරිසකගේ ජන ජීවතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

බලධාරින් පවසන්නේ. එරට නැගෙනහිර ”ෆුජියෑන්” පළාතේ ලක්ෂයකට අධික පිරිසක් මේ වන විටත්, ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි .

සුළි කුණාටුව මේ වන විට පැයට කිලෝ මීටර 145 ක වේගයකින් හමා යමින් පවතින බව, චීන කාලගුණ විද්‍යා අංශ සඳහන් කරනවා.
එරට ගුවන් ගමන් සිය ගණනක් ද අවලංගු කර ඇති බවයි, වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content