මෙම වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථිකය සෘණ අගයක් ගත්තද තුන්වන සහ හතරවන කාර්තුවලදී එය ධන අගයක් ගනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.

මෙරට ආර්ථිකය යහපත් දිශානතියකට ගමන් කරමින් සිටින අතර විදේශ ප්‍රේෂණ සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම ඊට හේතු වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

ජුලි මාසයේදී මෙරට උද්ධමනය 6 යි දශම 3 ක අගයක පැවති අතර මෙරටට දරාගත හැකි වන්නේ සියයට 4 ත් 6 ත් අතර උද්ධමනයක් බව මහ බැංකුව ප්‍රකාශ කළා.

ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වනු ඇති බවටයි මහ බැංකුව පුරෝකථනය කරන්නේ.

මේ අතර අභියාචනා සහ විරෝධතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව 2024 වර්ෂය සඳහා අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාදීමට අදාළ අයදුම්පත් කැඳවීමට පියවර ගන්නා බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content