සූදු ක්‍රීඩාව නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සූදු ක්‍රීඩා මගින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අය කර ගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම, සූදූ ක්‍රීඩාවන් මගින් පුද්ගලයින්ට හා සමාජයට සිදුවන අයහපත් ක්‍රියාවලියන් වැළැක්වීම වැනි කාර්යයන් ඒ තුළින් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව සියලු සූදු ක්‍රීඩා ක්‍රියාකරුවන්ට බලපාන ලෙස සූදු නියාමනය කිරීමේ අධිකාරිය නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයද මෙහිදි හදුනාගෙන තිබෙනවා.

එම නියාමන ආයතන ඇති කිරීම සදහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නිීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සදහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content