අනුරාධපුර ශික්ෂණ රෝහලේ සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවෙකු බිමට වැටී මියගොස් ඇති බව වාර්තා වනවා.

මිහින්තලේ කලංචිය ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා උදයංගනී නමැති කාන්තාව මෙම දරුවා ප්‍රසූත කර තිබෙනවා.

කෙසේ වෙතත් කලංචිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත්ව ඇති මෙම මවගේ රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව සදහන්.

එහිදි දරුවා ප්‍රසූත කිරීමත් සමග එම දරුවා බිමට වැටුණු බවයි එම මව ප්‍රකාශ කළේ.

https://www.vnews.lk/storage/2023/08/AMMA-EDIT.mp3?_=1

මේ අතර අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි.

https://www.vnews.lk/storage/2023/08/DULAN-SAMARAWEERA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content