ඊසානදිග සුඩානයේ වේල්ලක් කඩා වැටීමෙන් 60 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

මෙම දිනවල සූඩානයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර තත්ත්වයේ බලපෑම මත මෙම වේල්ල කැඩී ගොස් තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇති පිරිස තවත් ඉහල යා හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ.

ආපදාවන්ට ලක්වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර, මේ හේතුවෙන් බරපතල පානීය ජල හිඟයකට මුහුණ දිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content