සුළු හා මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊට අදාළ එකගතාව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළා.

නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වන විට නවත්වා තිබෙන ව්‍යාපෘති 2024 වසර සදහා වන නව අයවැය සමග යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද අරුන්දික ප්‍රාන්දු මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content