නවසීලන්තයේ උතුරු ප්‍රදේශයට ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑමත් සමඟ විසි දෙදහසකට අධික පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

එම විදුලිය විසන්ධි වීම යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවටයි නගර බලධාරීන් දැනුම්දී ඇත්තේ.

මේ හේතුවෙන් නෝත්ලන්ඩ් සහ ඕක්ලන්ඩ් නගරවලට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට කාලගුණ විද්‍යා අංශය රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සුළි කුණාටුව හේතුවෙන් ජල ගැලීම් සහ නායයෑමේ දැඩි අවදානමක් ද පවතින බවයි.

මේ හේතුවෙන් පාසල් වසා දමා ඇති අතර, ඒ අනුව ඔන්ලයින් ක්‍රමවේදයට ඉගැන්වීම් කටයුතු කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ගමනාගමනයද සීමා කර ඇති අතර, දුම්රිය ගමන් ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

WhatsApp Group

Skip to content