බංග්ලාදේශයට සහ ඉන්දියාවට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පැයට කිලෝමීටර් 110ක වේගයකින් මෙම සුළි කුණාටුව හමාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශයේ පුද්ගලයන් මිලියන 3කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති අතර, නිවාස 35,483ක් විනාශ වී ඇති බව සඳහන්.
මේ අතර මෙම සුළි කුණාටුවෙන් ඉන්දියාවේ පැල්පත් නිවාස වලට දැඩි හානි සිදුව ඇති අතර, එම නිවාස වල සිටි පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content