අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසල්වලට ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගි වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් චීන රජයෙන් මෙරටට ලැබී ඇති බවයි.

2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම ඒ අනුව සිදු වනු ඇති.

WhatsApp Group

Skip to content