දිවයිනේ විවිධ ප්රදේශවල සිට ශ්රී ජයවර්ධනපුර මහ රෝහල වෙත සෞඛ්ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ක්රියාත්මක කරන “සුවසැරිය රෝහල් සේවා” බස් රථ සේවාව ආරම්භ කිරීම ශ්රී ජයවර්ධනපුර රෝහල් පරිශ්රයේදී සිදු කෙරිණි.
ශ්රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්ය සාරංග අලහප්පෙරුම මහතා විසින් ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ආරම්භ කෙරුණ මෙම සේවාව මාකුඹුර සිට මහරගම, ශ්රී ජයවර්ධනපුර මහ රෝහල, තලවතුගොඩ, බොරැල්ල හරහා පිටකොටුව දක්වා දෛනිකව ක්රියාත්මක වෙයි.
මීට සමගාමීව එම මාර්ගයේම පිටකොටුව සිට ශ්රී ජයවර්ධනපුර මහ රෝහල හරහා මාකුඹුර දක්වා තවත් බස් රථයක් ධාවනය වීමට නියමිත වේ.

WhatsApp Group

Skip to content