1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින් මිලක් නියම නොකර සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන් රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හදුන්වා දී තිබෙනවා.

ලොව ගිලන් රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන් රථ සේවාව මේ වන විට පත් වී අවසන් බවයි ලෝක බැංකුව වැඩිදුරටත් කියා සිටියේ.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය සභාපති මාටින් රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසැරිය පිළිබද වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දුප්පත්කම තුරන් කිරීමේ තේමාව යටතේයි.

WhatsApp Group

Skip to content