මේ වසර තුළ මේ දක්වා සුරාබදු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 28,441 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ වසරේ ජනවාරි මස පළමු වන දා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා දිවයින පුරා වැටලීම් 28,000ක් පමණ සිදුකර ඇති බවයි.

අදාළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 3,756 දෙනෙකු කාන්තාවන් වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එම වැටලීම් මගින් සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලද නඩු භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 260ක් ඉක්මවන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content