මෙම වසරේ ජනවාරි 1 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 15,200ක වාර්තාගත ආදායමක් ලබාගෙන තිබෙනවා.

පසුගිය වසරේ එම කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව උපයා තිබූ ආදායම රුපියල් කෝටි 12,200ක්.

ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සඳහන් කළේ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේදී ආදායම 25%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content