රටේ පවතින ආර්ථික අවපාතයෙන් මිදීමට බදු ආදායම ඉතා වැදගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදුනික සුරාබදු පරීක්ෂකවරුන් පිරිසක් විසිරයාමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

කුරුණෑගල පනදරගම ශ්‍රී ලංකා සුරාබදු අභ්‍යාස විද්‍යාලයෙදීයි මෙම උත්සවය පැවැත්වුණේ.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය උවදුර සමාජයෙන් තුරන් කිරීම සඳහා සුරාබදු නිලධාරීන් කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි සුරාබදු කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ.

වසර 25ක පමණ අත්දැකීම් ඇති සුරාබදු පරීක්ෂකරැවන් 19 දෙනෙකු මෙහිදී සුරාබදු පරීක්ෂක තනතුර සඳහා උසස් කෙරැණා.

WhatsApp Group

Skip to content