සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යළි ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේදී මෙම සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන තාවකාලිකව නතර කර දැමීමටයි කටයුතු කර තිබුනේ.

ඒ අනුව ජූනි මස 1 වන සතියේ සිට දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණ වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබෙනු ඇති.

ඊට අදාළව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

WhatsApp Group

Skip to content