එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද සිට ආරම්භ වනවා.

සුපිරි 6 වටයේ පළමු තරගය හෙවෙත් මෙවර තරගාවලියේ 21 වැනි තරගය අද පැවැත්වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමානය අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝ හී දී ආරම්භ වීමට නියමිතයි.

සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය හෙට පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි.

සුපිරි 6 වටය හෙට ආරම්භ වන නමුත් මූලික වටයේ දී තම කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හා ශුද්ධ ලකුණු වේගය සෑම කණ්ඩායමක් විසින්ම සුපිරි 6 වටය සදහා රැගෙන යනවා.

WhatsApp Group

Skip to content