ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්ථානයට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ලකුණු 228ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගය පැවති පළමු දිනයේදී පන්දුවාර 24යි එක් පන්දුවක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, පසුව තරගය ඊයේ දිනයේදී පැවැත්වීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ දිනයේදී නැවත පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 2ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 356ක්.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලී ලකුණු නොදැවී ලකුණු 122ක් සහ කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 111ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 32ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් ලකුණු 25ට කඩුළු 5ක් බිඳ හෙළනු ලැබුවා.

WhatsApp Group

Skip to content