පොලිස් සැරයන්වරයකුට කණේ පහරක් ගසා පැන යාමට උත්සාහ කළ බව කියන සුපවේදියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝටලයක සුපවේදියකු බව කියන සැකකාර රියදුරා ධාවනය කරන ලද මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මෝටර් රථය මහනුවර මූලස්ථාන පොලිසිය ඉදිරිපිටදී නවතා තිබෙනවා.

එහි රියදුරු බීමතින් සිටින බවට පෙනී ගිය බැවින් පොලිස් මුරකුටිය වෙත කැඳවා රියදුරා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සැරයන්වරයාට කනේ පහර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සුපවේදියාට එරෙහිව බීමතින් රිය පැදවීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා.

 

WhatsApp Group

Skip to content