2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් එයිට් තරග වටය සදහා මේ වන විට කණ්ඩායම් හතරක් සුදුසුකම් ලබා තිබෙනවා.

සුපර් එයට් වටයට එක්වන කණ්ඩායම් අතරට ඇතුළත් වන කණ්ඩායම් වන්නේ ඉන්දීයාව , ඔස්ටේ්‍රලියාව , බටහර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාවයි.

මෙම කණ්ඩායම් සියල්ල මෙතෙක් තමන් මුහුණ දී ඇති සියලු තරග ජයගෙන අපරාජිතව සිටීම ද විශේෂත්වයක්.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයේ තවත් තරග 14ක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මුලික වටයේ තරග ලබන 18 වනදා අවසන් වන අතර සුපර් එයිට් තරගවටය ලබන 19 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content