සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 19 ක් සපිරෙනවා.

2004 වසරේ දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි ව්‍යවසනයෙන් 35,000 කට අධික පිරිසක් මියගිය අතර තවත් 500 කට අධික පිරිසක් අතුරුදන් වුණා.

සුනාමි ව්‍යවසනය සිදු වූ දෙසැම්බර් මස 26 වන දින ජාතික සැමරුම් දිනයක් ලෙස සිහිගැන්වීම සදහා 2012 වසරේදී ජාතික සුරක්ෂිත දිනය වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ඒ අනුව ප්‍රධාන සැමරුම් උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකය අභියස අද දින සිදු වුණා.

මේ අතර සුනාමි ඛේදවාචකය හේතුවෙන් පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් දුම්රිය මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම වෙනුවෙන් අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා දුම්රියක් ධාවනය කර තිබෙනවා.

මෙම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25 ට පිටත් වූ අතර එය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 6.50 ට පිටත්ව තිබෙනවා.

2004 වර්ෂයේදී සුනාමි අනතුරට පත් වූ දුම්රිය එන්ජිම එලෙස ගමන් ඇරඹීම මෙහි ඇති විශේෂත්වයක් වනවා.

එමෙන්ම සුනාමි ව්‍යසනය සහ අනිකුත් ආපදා හේතුවෙන් මිය ගිය මහජනතාව සිහිපත් කරමින් පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් ද පැරෑලිය සුනාමි ස්මාරකය අසල සිදුකරනු ලැබුවා.

WhatsApp Group

Skip to content