සුනාමි ව්‍යවසනය සිදුවී වසර 19ක් ගත වන අද දිනයේදී මිය ගිය ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කර ඊට ගෞරව දක්වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් දක්වන ලෙසයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

2004 දෙසැම්බර් 26 වැනි උඳුවප් පොහෝ දා ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි ව්‍යසනය, ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content