ඉදිරි මාස දෙක තුළ මෙරට සිටිනා සුනඛයන් සංගණනය කිරීමක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජලභීතිකා මර්දන ඒකකය පවසනවා.
එම ඒකකය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය මත මෙම සංගණනය සිදුකරන බවයි.
ඊට අදාළ මූලික ව්‍යාපෘති යෝජනාව මේ වන විට සකසා අවසන් කර තිබෙනවා.

ජලභීතිකා මර්දන ඒකකය පවසන්නේ මෙරට ලක්ෂ තිහක පමණ සුනඛ ගහණයක් සිටින බවයි.
ඉන් වැඩි සුනඛයන් සංඛ්‍යාවක් නිවෙස් තුළ ඇතිකරන සුනඛයන් බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content