අමෙරිකාවේ නිව්යෝර්ක් හි බෆලෝ නම් ප්‍රදේශයේදී කළු ජාතිකයින් 10දෙනෙක්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ සුදු ජාතික තරුණයෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබාදී තිබෙනවා .

පේටන් ගෙන්ද්‍රන් නම් එම අන්තවාදී සුදු ජාතික තරුණයා සුපිරි වෙළෙඳසැලක් තුළදී එම වෙඩිතැබීම පසුගිය වසරේ මැයි 14 වනදා සිදුකර කරනු ලැබුවා .

චුදිතයාට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, ත්‍රස්ත ක්‍රියා ඇතුළු චෝදනා 25ක් ගොනුකර තිබූ අතර ඔහු ඒ සියල්ලටම වැරදි කරු වී තිබෙනවා .

ඔහුට එරෙහිව දඬුවම ලබාදෙන අවස්ථාවේ අධිකරණය තුළ සිටි ඝාතනයට ලක්වූ අයගේ ඥාතීන් ඔහුට පහරදීමට උත්සාහ කර ඇති බවද සදහන් .

WhatsApp Group

Skip to content