එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ඊයේ පැවති පළමු තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 82න් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණ සංඛ්‍යාව 245ක්.

එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 75ක් සහ චරිත් අසලංක ලකුණු 63ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 29ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 163ක් පමණයි.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 41ට කඩුළු 3ක් සහ වනිදු හසරංග ලකුණු 42ට කඩුළු 02ක් බිඳ හෙළීමට සමත් වුණා.

මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයෙන් ලකුණු 138ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පාරජය කරමින්.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 349ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේ රැස්කරගත හැකිවූයේ ලකුණු 211ක් පමණයි.

 

WhatsApp Group

Skip to content