2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට සිට ආරම්භ වනවා.

සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගය හෙවෙත් මෙවර තරගාවලියේ 21 වැනි තරගය හෙට පැවැත්වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝ හී දී ආරම්භ වීමට නියමිතයි.

සුපිරි 6 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි.

සුපිරි 6 දෙනාගේ වටය හෙට ආරම්භ වන නමුත් මූලික වටයේ දී තම කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හා ශුද්ධ ලකුණු වේගය සෑම කණ්ඩායමක් විසින්ම සුපිරි 6 දෙනාගේ වටය සදහා රැගෙන යනවා.

 

WhatsApp Group

Skip to content