එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි.

සිම්බාබ්වේ හරාරේ ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් මධ්‍යහන 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් සියලු තරග ජයග්‍රහණය කළා.

නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව මේ වන විටත් ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content