සූඩානයේ අගනුවර ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 60 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය අප්‍රේල් මාසයේ සිට සූඩානයේ හමුදාව සහ අතුරු හමුදා කණ්ඩායමක් අතර බල අරගල ගැටුමක් ආරම්භ වූ අතර, එහි ප්‍රතිඵගයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.

මෙහිදී මෙම වෙළඳ සංකීර්ණයට හමුදා ගුවන් යානයකින් බොම්බ හෙලූ බවට ප්‍රදේශවාසීන් සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content