සුඩානයේ යුදහමුදාව සහ ආර්.එස්.එෆ් කණ්ඩායම අතර පැවැත්වෙන ගැටුම් 11වැනි සතියටත් අඛණ්ඩව පැවැත්වෙනවා.

මෙම සටන් හේතුවෙන් මිලියන 2.5ක සුඩාන වැසියන් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

මේ අතර 11වැනි සතිය සදහා ගැටුම් ආරම්භ කරමින් සුඩානයේ අගනුවර වන කාර්ටූම් වල පිහිටි සන්නද්ධ පොලිස් මූලස්තානය ආර්.එස්.එෆ් කණ්ඩායම අත්පත් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සදහා සූඩාන හමුදාවට සහය වීමට තවත් හමුදා කණ්ඩායමක් අගරනුවරට යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content