පොදු ජන යහපත පිණිස සුචරිත සමාජයක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (09) භාර දෙනු ලැබීය.ආගමික

අධ්‍යාපනය වර්තමානයේ දැඩි ලෙස සෝදා පාළුවකට ලක් වී ඇති බවත් ඒ හරහා අපරාධ රැල්ල සමාජය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් පෙන්වා දෙමින් සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජිත ස්වාමීන්වහන්සේලා විසින් මෙම යෝජනා මාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය පිණිස ඉදිරිපත් කර තිබේ.

පිරිවෙන් ආරම්භ කිරීම, ධර්මාචාර්ය විභාගය සමතුන්ට ගුරු සහායක පත්වීම් ලබාදීම, විද්‍යාපීඨ අරම්භ කිරීම වැනි පියවර ගනිමින් වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, අමාත්‍යවරයකු මෙන්ම අගමැතිවරයෙකු ලෙසද ඉතිහාසය තුළ ආගමික අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් සිදු කළ මෙහෙවර මෙහිදී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඇගයීමට ලක් විය.

WhatsApp Group

Skip to content